White Snake 2: Green Snake (2021) සිංහල හඩකැවු 🎬
📅 Release Date: July 23, 2021 (China)⭐ IMDb Rating: 6.8/10
🏆 Category: Animation | Fantasy | Action | Adventure
කතාව :
පෙර සිනමාපටය මතක ඇතිනෙ, බ්ලැන්කා තමන්ගෙ වර්ගයාගේ කාර්‍යයක් ඉටු කිරීමට ඇවිල්ලා ඒකෙන් අසමත් වෙනවා. ඒ වගේම තුවාල ලබලා ඉන්න කොට එක්තරා මනුෂ්‍ය තරුණයෙකුට ඇයව මුණ ගැහෙනවා. ඒ වගේම ඊට පස්සේ මේ දෙන්නා ආදරෙන් බැදෙන ආකාරයත්, බ්ලැන්කා සොයුරිය ඇයව රැගෙන එන්න පැමිණීමත් සහ ඉන් අනතුරුව ඇති වෙන මහා සටනත් ඒකෙන් සිද්ධ වෙනවා දේවල් එහෙමත්. හොදයි, එහෙමනම් මේ සිනමාපටයට පාදක වෙන්නෙ එයින් පසු කාලෙක සිද්ධ වෙන සිදුවීමක්.
ඉතින් මේ සිනමාපටය ආරම්භයේ දැකගන්න ලැබෙනවා යළි ඉපදීමක් ලබන බ්ලැන්කාගෙ ප්‍රේමවන්තයාට සහ බ්ලැන්කාට දරුවෙක් සිටිනවා. එහෙමම ඔහු ඇයව හැර ගොස් ලයිෆෙන් පැගෝඩාවේ භික්‍ෂුවක යටතේ දිවි ගෙවන ආකාරයත්, බ්ලැන්කා සහ වර්ටා එහි පැමිණ ෆාහායි සමග ඇති කරගන්නා දරුණු සටනකින් අනතුරුව පරාජය ලබන බ්ලැන්කාට ලයිෆෙන් පැගෝඩාවේ සදාකාලික සිරකාරිත්වය උරුම වෙනවා. එයින් කෝප වෙන වර්ටාත් අනතුරුව ෆාහයි සමග සටනට පිවිසෙන අතර ඒකෙන් පරාද වෙන ඇයව අසුරවිලාව නම් වූ ආශාවන්හි දැඩිව එළඹ ගත් ආත්මයන් සැරි සරණ ලොවකට යැවෙනවා.
🎬 Green Snake (2021) ඔන්ලයින් නැරඹන්න 👇
📢 අපව ෆලෝ කරන්න
YouTube, Facebook, Telegram වලින් නවතම updates ඉක්මනටම
