🐦 Angry Birds (2016) - සිංහල හඩකැවු
IMDb Rating: ⭐ 6.3/10
Release Year: 2016
Category: Animation | Comedy | Adventure
ඔන්න ඉතින් පියාඹන්න බැරි කුරුළු ප්‍රජාවක් ඉන්නවා එක්තරා දූපතක. එක එක හැකියාවන් තියෙන කුරුල්ලො තමා ඉතින් මෙයාල.
ඉතින් රෙඩ් මේ අතරින් එක විශේෂ කුරුල්ලෙක්. විශේෂත්වේ කියන්නෙ — පොඩ්ඩ ඇත්නම් මෙයාට කේන්ති යනවා! 😂 මේ තරහ ගිහින් සිදු වූ විශේෂ සිදුවීමක් නිසා රෙඩ්ව නඩුකාරතුමා යවනවා මැටිල්ඩාගේ “කේන්තිය පාලනය” පංතියට.
මෙතනදි මෙයාට යාළුවො දෙන්නෙක් හම්බෙනවා — චක් කියන්නේ වෙගයෙන් යන කුරුල්ලෙක්, අනිත් එකා බෝම්බ් — හිත කැළඹුනොත් “බූම්!” කියලා පිපෙන තඩියා! 💥 කොහොමහරි, රෙඩ්ට මේ දෙන්නා එක්ක වැඩි කැමැත්තක් නෑ.
ඒත් ඔය අතරේම දූපතට අලුත් කට්ටියක් එනවා. ඒ තමා ඌරු දූපතේ ඉඳලා එන ඌරො. මේ පියාඹන්න බැරි කුරුල්ලෝ හිතාගෙන ඉන්නෙ, ලෝකේ ඉන්නේ ඔයාල විතරයි කියලා. ඌරෝ ආවම ඔයාලා හරිම උණුසුම් විදිහට පිළිගන්නවා. නමුත් ඔය ඌරෝ හොඳ උද්දේශයකින් එන්නෙ නෙවෙයි... 😈
රෙඩ්, චක්, බෝම්බ් තුන්දෙනාට දැන් තමන්ගේම ප්‍රජාව බේරගන්න වෙනවා. කේන්තිය, හැකියාව, සහ එකමුතුකම එක්ක ඔවුන්ට හැකිද ඌරන්ව නතර කරන්න?
