🎬 Rise of the Guardians (2012) Sinhala Dubbed | සිංහල හඩකැවු
🎭 Category: Animation | Family | Adventure | Fantasy
⭐ IMDb Rating: 7.2/10
ළමා ලෝකේ කියන එක රැඳිලා තියෙන්නේ එයාලගේ අහිංසක බලාපොරොත්තු, සිහින සහ සිතුම් පැතුම් වලින්. ඉතින් එයාලගේ හිත් මේ විදිහට ආරක්ෂා කර ගන්න එයාලගේ හිතට බිය කියන නපුරට ඇතුළු වෙන්න නොදී එයාලව ආරක්ෂා කරන පිරිසක් ඉන්නවා එයාලා තමයි “ආරක්ෂකයන්” (Guardians) කියලා හඳුන් වන්නේ.
එයාල ගැන තමයි මම කලින් කිව්වේ. මේ පිරිස මේ රාජකාරියට පත් කරන්නේ සඳ මත සිටින මිනිසා එහෙම නැතිනම් සඳ. ඉතින් මේ අතරේ වෙනම කෙනෙක් ඉන්නවා “ජැක් ෆ්‍රොස්ට්” කියලා — එයා එයාගේ නම විතරක් දන්න, එයාගේ වැඩේ එයාවත් දන්නේ නැති කෙනෙක්. එයා තමා මේ ලෝකෙට ශීත ඍතුව ගෙන එන්නේ. එය එයාට ලැබුණ බලයෙන් කරන්නේ විනෝද වෙන එක.
ඉතින් මෙහෙම ඉන්නකොට මෙයාලගේ පරණ සතුරෙක් — කලින් මේ ආරක්ෂකයෝ එකතු වෙලා හිර කරන ලද සතුරෙක් — එනවා තවත් බලගතු වෙලා. එයාගේ රාජකාරිය තමයි පුංචි දරුවන්ගේ හිතට බිය ඇතුල් කිරීම. මේ හැම කෙනෙක් ගැනම දරුවන් විශ්වාසය තබන තරමට ඔවුන්ගේ ශක්තිය වැඩි වෙනවා.
මේ සැරේ එන මේ සතුරා තමයි “බූගි” මිනිසා කියන්නේ. මෙයාගේ බලයේ වැඩි කමට මේ සැරේ සඳ මත සිටින මිනිසා තව ආරක්ෂකයෙක් පත් කරනවා දරුවන්ව බියෙන් ආරක්ෂා කර ගන්න. බලමු එහෙනම් මේ “බූගි” මිනිසා මේ සැරේ ඇවිත් දරුවන්ගේ මල් හිත්වලට කොච්චර හානියක් කරාවිද කියලා, ඒ වගේම මේ ආරක්ෂකයන් මේ සඳහා ගන්න පියවර මොකද්ද කියලත්.
🍿 එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මේ චිත්‍රපටිය රසවිඳින ලෙසට!
